Wednesday, September 9, 2015

වාරියපොළ අමල්කා, සෙල්වා සහ අපි


ඉහත සිදුවීමට අදාලව ඉහත සියලුම කණ්ඩායම් එකග වන්නේ පිඩකයාට එරෙහිව ප්‍රතිචාර දැක්විමට කිසිදු සිමා කිරීමක් නොමැති අයිතියක් පිඩිතයාට  ඇත යන්නටය.  එබැවින් නැවත නැවතත් පිඩිතයාව (අමල්කාව) පිඩාවට සහ අපහාසයට ලක්කරන සමාජය පිලිබදව විවේචනයක්ද ඉදිරිපත් කරයි. 
සැබවින්ම මෙම සිවිල් කණ්ඩායම් පෙනි සිටිනුයේ  කුමක් වෙනුවෙන්ද?

ඔවුන් සැබැවින්ම සියලුම පිඩිතයින්ට තම පිඩනයට එරෙහිව සංවිධානත්කව හෝ අසංවිධානත්මකව දක්වන සියලුම ක්‍රියාවන්ට පක්ෂපාතිත්වය දක්වන්නේද, නැත සැබවින්ම එය එලෙස වන්නේනම් මොවුන් විසින් මෙම ගැටලුවේදි ක්‍රියා කල යුත්තේ සෙල්වාට විරුද්ධව කරනු ලබන ක්‍රියාවන්ට දෙනු ලබන ප්‍රසිද්ධිය තරමටම කාන්තා හිංසනය සහ සමාජයේ සැබැ පිඩිතයා කවුරුන්ද යන්න පැහැදිලිව සමාජයට අවබෝධකර දීම සදහාය.

සැබවින්ම මෙම සමාජ ක්‍රමයම පවත්නනේ එකිනකාට පිඩාවට පත්කරමිනි. පාසලේදි ශිෂ්‍යයන්ට දඩුවම් කරන ගුරුවරියක් පාසලේදි පිඩකයෙකි ඇයම නැවතත් පාරේදි වෙනත් පාර්ශවයකින් පිඩනයට ලක්වී පිඩිතයෙක් වේ. එබැවින් අප මව්පියන්, ගුරුවරුන් විසින් දරුවන්ට පහරදීමට විරුද්ධවී ඔවුනට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීම මගින් සමාජය තුල ඇති පිඩනය අහෝසි කල හැකිද?

අප විසින් අධ්‍යනය කල යුත්තේ මෙවැනි ක්‍රියාවන් සිදුවන්නේ ඇයි යන්න පිලිබදවය. අප සමාජය තුල කතිකාව ඇතිකල යුත්තේ වැරද්ද සිදුකරන ලද්දේ අමල්කාද, සෙල්වාද ජායාරූප ශිල්පියාද යන්න පිලිබදව නොව සමාජයක් ලෙස මෙවැනි කරුණු මතුවන්නේ ඇයි යන්න සහ ඒ සම්බන්ධව සමාජය දැනුවත් කල යුත්තේ කෙසේද යන්න පිලිබදවය.

අමල්කාට එරෙහිව සෙල්වා කරන ලද ක්‍රියාව සුලු දෙයක් ලෙස සැලකීම හෝ ඔහුට දැඩි දඩුවම් ලබාදීම නිර්දේශ කරන මිනිසුන් විසින් සෙල්වා මෙලෙස හැසිරෙන්නේ ඇයිද යන්න පිලිබදව ප්‍රශ්න නොකරයි. සෙල්වාට බස් නැවතුම්පලක නිකරුණේ කාලය ගත කිරිමටත් දහවල් සිට බිමත්ව සිටිමටත් සිදුවී ඇත්තේ ඇයි?. ඔහුගේ ශ්‍රමය ඵලදායි ලෙස සමාජ සංවර්ධනයට යොදා ගැනීමට බැරිවී තිබෙන්නෙත්, ඔහුට විධිමත් අධපනයක් ලැබි නැත්තේත් සෙල්වාගේම වරදකින්ද, සෙල්වා මෙන්ම සමාජය තුල ජිවත්වෙන බොහෝ දෙනාට තමා ලග සිටින අනෙකා දෙස සහෝදරත්වයෙන් බැලිමට නොහැකි වී ඇත්තේ ඇයි? සෙල්වාට දඩුවම් කිරීම මගින් ඔහුව පුනුරුත්තාපනය කල හැකි පද්ධතියක් අපට තිබෙනවාද? තමන් මෙන්ම පිඩිතයකුට එරෙහිව කරනලද ක්‍රියාවක් හේතුවෙන් සහ පවතින නීතීය ඉදිරියේ තමන් වෙනුවෙන් පෙනිසිට නිදහස් වීම වෙනුවෙන් මුදල් වියදම් කිරීමට නොහැකි බැවින් වරද පිලිගත් සෙල්වා තව මාස 6ට පසු බන්ධනාගාරයෙන් නිදහස්වන විට බරපතල ගණයේ අපරාධකරුවකු වීමට මේ සමාජ ක්‍රමයතුලම ඉඩක් තිබෙන බව අප අමතක කරමින් සිටි. එබැවින් අමල්කා වෙනුවෙන් පෙනි සිටින සිවිල් සංවිධාන සෙල්වා පුනුරුත්තාපනය කිරීම විධිමත් කිරිම පිලිබදවද හඩ නැගිය යුතුව ඇත.  එමෙන්ම සෙල්වාට දඩුවම් කිරීම මගින් මෙය විසදෙන්නේ නැත.

 සියලුුම සමාජ පිඩනයන් සහ නිති රිති මගින් ඇතිකර තිබෙන සීමාවන් අහෝසිකරන ලද  අප අනෙකාට ගරු කරන සමාජයක් නිර්මාණය කල යුතුව ඇත. එවැනි සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සියලුම පිඩිතයන් එකතු කිරීමකින් තොරව එක් පිඩිතයකුට විරුද්ධව තවත් පිඩිතයකු පවතින පිඩනයේ යන්ත්‍රණය මගින් දඩුවම් කිරිමෙන් ගැටලුව විසදෙන්නේ නැත.

දැන් ඔබ සියලු දෙනා එක්වි එවැනි සමාජයක් හදනකම් අප මොකද කරන්න ඕන යන්න මගෙන් විමසන්නේ නැතුව අප එවැනි සමාජයක් හදන්නේ කොහෝමද යන්න ඔබෙන්ම විමසාගන්න.


Friday, September 4, 2015

හවුල් ආණ්ඩුව සහ විපක්ෂය සහ සැබෑ විපක්ෂය



මෙම පත්කිරීම අද දවසේ රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්කර ඇත්තේ කවුරුන්ද ? ඒ කුමක් සදහාද ?


ජනතාව තමන් සැබවින්ම මුහුණ දෙමින් සිටින ගැටලු තම තමන්ගේ පුද්ගලික දුර්වලතාවයන් ලෙස දකින්නට පුරුදු පුහුණු කරමින් සිටින සමාජය එම ගැටලු පොදු ගැටලු ලෙස කතිකාවට එකතු කිරීම අමතක කරමින් මෙචැනි කරුණු ජනතාව අතරට ගෙන යමින් එයින් සිදුවන බලපෑම් පිලිබදව කතා කරමින් සිටියි.

එබැවින්ම මෙවැනි උඩ දමනු ලබන එක් එක් පන්දුවට පහර දෙමින් සිටින ජනතා නියෝජිතයින්, සිවිල් ක්‍රියාදරයන් සහ දේශපාලන පක්ෂ අපේ පොදු ගැටලු සාකච්ජා කිරීම සහ එවාට තාවකාලික හෝ විසදුම් යෝජනා කිරීම මග හරිමින් සිටියි.

පොදුවේ ජනතාවටද  මෙවැනි කරුණු වලට තමන්ගේ මුලික අවධානය යොමු කරමින් සහ එවාට අනුව උත්තේජනය වෙමින් සිටින අයුර මිස තමන්ගේ ප්‍රශ්නයම අල්ලපු ගෙදර එකාටත් තියෙනව මෙකට මොනවාද කල යුත්තේයැයි නොවිමසන අතර එය සමාජයට පුරුදු කරද නොමැත.

අද විපක්ෂනායක තනතුර සදහා මරාගනු ලබන ජනතා නියෝජිතයින්, සිවිල් ක්‍රීයාදරයන්, මාධ්‍ය සහ රටේ බහුතරයක් ජනතාව හෙට ඇමති තනතුරු පිලිබදවද අනිද්දාට තව කරුණක් පිලිබදවද කතා කරමින් සිටියි. ඔවුන් කිසිවෙක් ඔය තරම් අවධානයක් ලබා දෙමින් ජනතාවට පෝෂණිය ආහාර වෙලක් . පදිංචියට නිවසක් , සෞඛ්‍ය සම්පන්න ජිවිතයක්, උසස් ජීවන තත්වයක්  ලබා ගැනීම සදහා කලයුත්තේ මොනවාද, ඒ සදහා පාරවල් සෑදීය යුතුද, කර්මාන්ත සංවර්ධනය කල යුතුද, එකතුකරන බදු වියදම් කල යුත්තේ මොන ආකාරයටද, දුෂණය වංචාව අඩුකරන්නේ කෙලෙසද, ආදායම වැඩිකරන්න මොනවද කරන්න ඕන යන්න පිලිබද කතා නොකරයි.
 ඒ වෙනුවට ඉහත සියල්ලන් සමග ජනතාව මෙයා හොරකම් කලා , අපරාදේ මත්තල හැදුවේ, 88-89 මිනිස්සු මැරුවා, ආයතන විකුණුවා ආදී ලෙස එකිනකාට දෝෂාරෝපණය කරමින් සිටින අතර ආණ්ඩුකරන කල්ලිය විසින් ණය ලබා ගනිමින් සහ බදු එකතුකරමින් එදාවෙල ගැටගසා ගනිමින් සිටියි.





Wednesday, September 2, 2015

කිසිවෙක් කිසිවිටක කිසිවක් නොකඩනා සමාජයක්

කිසිවෙක් කිසිවිටක ජනේල කැඩුවේ නැත්නම් ජනේල අලුත්වැඩියා කරන්නාට කුමක් සිදුවේද?

පුතකු විසින් ජනෙලයක් බිද දැමිමෙන් පසු ඔහුට බනින පියෙකුට අවට රුස්වෙන පිරිස් පවසා සිටිනුයේ "කාටහරි හොදක්වෙන සිද්ධියක්,  මේවගේ හදිසි අනතුරුනිසා තමයි කර්මාන්ත පවතින්නේ, හැමදෙනාම ජීවිකාවක් උපයාගන්න එපැයි, ජනේල කැඩුවේ නැත්නම් ජනේල අලුත්වැඩියා කරන්නාට මොකද වෙන්නේ....?"
(උපුටා ගැනීම නිදහසේ අර්ථ ශාස්ත්‍රය  1.කැඩුන ජනේලය - අරුණි ශපීරෝ)

 හිදි ජනේලය කැඩිම නිසා ජේම්ස්ට පැන්ස 6ක් (රුපියල් 1000) ජනෙල් සාදන්නාට ගෙවීම සදහා වියදම් කරන්නට වු බවත් එසේ නොවුනිනම් වෙනත් ප්‍රයෝජනවත් කාර්යක් සදහා එම මුදල් වියදම් කිරීමට (උදා- සපත්තුවක් මිලදි ගැනීමට) තිබු බවත්. ජනෙලය කැඩිම නිසා 3 වෙනියකුට ලැබීමට තිබු දෙයක් නොලැබි ගිය බවත් දක්වයි. එහි අවසනයේ දක්වා ඇත්තේ විනාශය ලාභදායි නොවේ යන්නයි.

සැබවින්ම  අනවශ්‍ය ලෙස විනාශකරන වස්තුන්හී අගය සමාජයට අහිමිවී යයි. 

එහෙත් සමාජයේ ප්‍රගමනය සිදුවී ඇත්තේ තමන්ගේ නිශ්පාදනයන් තුල ඇති අඩුපාඩු හා දුර්වලතාවයන් නිවරදි කරගැනීමට කටයුතු කිරීම හරහාය. ජනේලය හෝ වෙනත් එවැනි නිශ්පාදනයක් විනාශවිම තුලින් ඒය විනාශවීම වැලැක්වීමේ ක්‍රියාමාර්ගයන් සමාජය තුලට පැමිණේ. උදාහරණ ලෙස,

1.  ජනෙලය හෝ වෙනත් නිශ්පාදනයක් විනාශකිරීම යහපත් ක්‍රියාවක් නොවන බවත් එය වැලැක්විය හා පිටුදැකිය යුතුය යන මතයක් සමාජය තුල ඇතිවීම සහ එය තුලින් හික්මිමක් ඇති කිරීම (ආකල්ප)
2. විනාශකාරී කටයුතු කරන්නන්ට එරෙහිව සමාජය විසින් යම් දඩුවමක් යොජනා කිරීම  (නීතියයක්) 
3.භාණ්ඩයේ ගුණාත්මක භාවය ඉහල නැංවීම උදාහරණයක් ලෙස වීදුරුවල ශක්තිය ඉහල නංවා බිදිමට ඇති හැකියාව අඩු කිරීම (දැනුම)
4. එම නිශ්පාදනය නැවත පිලිසකර කිරීම (ශ්‍රමය)

කිසිවෙකු විසින් හෝ ජනේලය (නිශ්පාදනයක්) නොකැඩුවේනම් ඉහත ක්‍රියාකාරකම් 4ම සිදුනොවි පවතිනු ඇත යන්න මාගේ තර්කයය.

ජනේලය විනාශවීම තුලින් සිදුවනුයේ කුමක්ද?
ජනේලය යනු කුමක්ද?  
ජනේලය යනු  ස්වභාවික ද්‍රව්‍ය කිහිපයක (වැලි SiO2,ඉන්ධන) හා ශ්‍රමයේ (කායික, මානසික)එකතුවකි. ශ්‍රමය භාවිතාකර ස්වභාවික ද්‍රව්‍ය කිහිපයක් එකතු කිරීම මගින් ජනේලය සදා ඇති අතර අදාල ශ්‍රමයට ගෙවනලද මිලෙහි එකතුවක් ලෙස ජනේලයේ මිල සැලකිය හැකිය. 
නැවත ජනේලය සැදිමට පැන්ස 6ක් (රුපියල් 1000)  වියදම් කිරීම මගින් එම මුදල් ජනෙල් සාදන්නා අතටත් ඔහුගෙන් සපත්තු සාදන්නා අතටත් යා හැකි අතර ජනෙල් සාදන්නාද එම මුදල පොතක් ගැනීමට වියදම් කල හැකිය. එනම් ශ්‍රමයේ වෙනත් ස්වරූපයකට මිලක් ගෙවිය හැකිය.
ජනේලය නොකැඩුනේනම් එම මුදල ජේම්ස් විසින් සපත්තු හෝ පොතක් මිලදි ගැනීමට වියදම්කර ශ්‍රමයේ වෙනත් ස්වරූපයකට මිලක් ගෙවිය හැකිය.
ජනේලය කිසිදා විනාශ නොවන පරිදි සකස්කර ඇත්නම් ජනෙල් සාදන්නෙකු බිහි නොවන අතරම සෑම දිනකම ජනෙල් කැඩියන්නේනම් විශාල ජනෙල් සාදන්නන් ප්‍රමාණයක් බිහිවීමටද ඉඩ ඇත. 

සැබැවින්ම ජනෙලය විනාශ කිරීමතුලින් ජනේලය සකස් කිරීම වෙනුවෙන් වැයකල ද්‍රව්‍ය සහ ශ්‍රමය වෙනත් කාර්යයක් සදහා  යෙදවිමට තිබු හැකියාව සමාජයට අහිමිකර ඇත. එහෙත් එය (ජනේලය බිද දැමිම) වෙනත් දෙයක් නිර්මාණය කර ඇත උදාහරණ ලෙස ඉහත දැක්වු ආකල්ප, නීතීය, දැනුම, ශ්‍රමය එම ක්‍රියාව තුලින් නිශ්පාදනයවේ..
  
  අවසානයේ මා හට කීමට ඇත්තේ 

කිසිවෙක් කිසිවිටක ජනේල කැඩුවේ නැත්නම් ජනේල අලුත්වැඩියා කරන්නෙකු නොමැති බවයි එමෙන්ම ජනේලයේ ජනේලය කැඩීම නිසා එහි ගුණාත්මකභාවය ඉහල නැංවීමට ඇතිකෙරෙන පෙළඹිමද නොමැතිවී යන බව සහ ඉහත 1 සිට 4ට දක්වා වු කරුණුවල අවශ්‍යතාවයද නැතිවී යයි. 

සැබවින්ම කිසිවෙක් කිසිවිටක කිසිවක් නොකඩනා සමාජයක් පැවතිය හැකිද?


අම්මා - හුදකලාකල ජිවිත

උපුල් ශාන්ත සන්නස්ගලගේ “අම්මා“ පොත කියවද්දි මට අහල තියෙන පරණ කතාවක් මතක්වුනා. මේක ලංකාවේ කතාවක් නෙමෙයි වෙන්න ඇති වගේම ලියල තියෙන්නේ කවුද කියලත් හරියටම දන්නේ නැහැ මට අවුරුදු 3ට විතර කලින් ආපු mail 1 තිබුනේ කතතාව ඒ විදිහටම පහලින් දාල තියෙනව කියවල බලන්න

අපි විවාහ වෙලා අවුරුදු 21ක් සම්පූර්ණ වෙන දවසේ මගේ බිරිද මගෙන් ඉල්ලා සිටියා රාත්රී ආහාර වේලකට යන්න කියලා,ඒත් එයත් එක්ක නෙවේ,වෙනත් කාන්තාවක් එක්ක.

"
මම ඔයාට ගොඩක් ආදරෙයි...ඒත් මම දන්නවා මේ කාන්තාවත් ඔයාට ගොඩක් ආදරේ බව,සමහර විට මම ඔයාට ආදරේ කරනවට වඩා එයා ඔයාට ආදරේ කරනවා වෙන්නත් පුලුවන්,එයා ගොඩක් කැමති වෙයි ඔයා එක්ක රාත්රී ආහාර වේලකට ගිහිල්ලා ඔයා එක්ක ටිකක් කාළය ගත කරන්න"""
මගේ බිරිද අදහස් කල අනෙක් කාන්තාව තමා මගේ අම්මා.

අවුරුදු 19කට කලින් තාත්තා අපිව දාල ගියාට පස්සේ වැන්දඹුවක් විදියට කාලය ගත කල ඇයත් සමග මට ගත කරන්න උනේ බොහොම පොඩි කාලයක්. ඒකට හේතු වුනේ මගේ රැකියාවේ කටයුතුයි වලටයි මගේ දරුවෝ තුන් දෙනාගේ වැඩ කටයුතුයි වලට මගේ කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කරන්න සිදු වීම...
ඉතින් එදා රෑ මම අම්මට දුරකථන ඇමතුමක් ගත්තා රාත්රී ආහාර වේලකට ආරාධනා කරන්න.

"
ඇයි පුතා මේ මහ රෑ? මොකක් හරි කරදරයක්ද? ඔක්කොමලා හොදින් ඉන්නවා නේද?"
අම්මගේ හැටි,අවේලාවේ දුරකථන ඇමතුමක් ගත්තොත් අම්මා කතා කරන්න පටන් ගන්නේ එහෙම අහලා.

"
මම කැමතියි අම්මාව මුන ගැහිලා කතා කරන්න...අපි දෙන්නා විතරක්...අපි සිකුරාදට රෑ කෑම ගන්න එලියට යමුද අම්මේ?"

"
මම ඒකට ගොඩක් කැමතියි පුතේ"
  ටිකක් වෙලා නිශ්ශබ්දව හිටිය අම්මා කිව්වා.
සිකුරාදා වැඩ අවසන් වෙලා මම අම්මව ගන්න අම්මගේ ගෙදරට යන්න පිටත් වුනා. වෙනකොට මම ටිකක් නොසන්සුන් වෙලා හිටියේ, තරමටම අම්මයි මමයි දුරස් වෙලා...
අම්මගේ ගෙදරට යනකොට අම්මත් ලෑස්ති වෙලා හිටියා,තාත්තත් එක්ක අවසන් වතාවට විවාහ සංවත්සරේ සමරපු දවසේ අම්මා ඇදපු ඇදුම තමා ඇය ඇදගෙන හිටියේ.
අම්මා මාත් එක්ක හිනා වුනා...ඇගේ ඇස් වල අමුතු දීප්තියක් තිබුනා.

"
මම මගේ යාලුවන්ට කිව්වා අද මම පුතා එක්ක රෑ කෑමට යනවා කියලා...එයාලට ගොඩක් සතුටුයි..." අම්මා සතුටින් කිව්වා.
අපි අවන්හලකට එකකට ගියා.ඒක ගොඩක් විශාල එකක් නොවුනත් නිස්කලංක සුව පහසු එකක්. අසුන් ගත්තට පස්සේ මෙනු එක අතට ගත්ත මම ඒක කියෙව්වේ අපට කෑමට යමක් ඇනවුම් කරන්න... ටික වෙලාවකින් අම්මා දිහා බලනකොට මම දැක්කා අම්මා මගේ දිහා බලාගෙන ඉන්නවා,ඇස් වල හීනියට කදුලු පටලයකුත් තිබුනා.

"
පුතා පොඩි කාලේ තාත්තා එක්ක රෑ කෑමට ගියාම මමයි මෙනු එක කියෙව්වේ" මද සිනාවක් සමග අම්මා කිව්වා.
එදා අම්මයි මමයි ගොඩක් දේවල් කතා කලා.මම පොඩි දවස් වල විස්තර,අපේ පවුලේ විස්තර,අපේ අසල්වැසියෝ ගැන විස්තර,අම්මාගේ යාලුවෝ ගැන විස්තර වගේ ගොඩක් දේවල් අපි කතා කලා. අම්මා ගොඩක් හිනා වුනා...එයා ලොකු සතුටකින් ඉන්න බවක් පෙනුනා.
අපි එන්න පිටත් වෙනකොට මධ්යම රාත්රියටත් කිට්ටු වෙලා.

"
පුතා කැමති නම් විතරක් අපි තව දවසක් මෙහෙම රෑ කෑමට යමුද"?" අම්මා හෙමීට ඇහුවා.

"
ඔව් අම්මේ අපි තව දවසක් යමු,මමත් ගොඩක් කැමතියි අම්මා එක්ක නිදහසේ කතා කරන්න" මම කිව්වා.
ගෙදර ආවට පස්සේ බිරිද ඇහුවා රාත්රී ආහාරය කොහොමද කියලා.

"
ගොඩාක් හොදයි...කියන්න වචන නෑ,අම්මටත් ගොඩක් සතුටුයි...තව දවසක් අම්මව එක්කගෙන යන්න ඕනි" මම කිව්වා.
නමුත් මගේ ආශාව ඉටු කර ගන්න ලැබුනේ නෑ..මොකද සතියේම අම්මා හදිසියේ මිය ගිය නිසා. අම්මගේ අවසන් කටයුතු අවසන් වෙලා අපි ගෙදර එන්න පිටත් වෙනකොට අම්මා ගොඩක්ම ලගින් ආශ්රය කල ඇගේ මිතුරිය මගේ ලගට ඇවිත් ලියුම් කවරයක් මගේ අතින් තිබ්බා,ගෙදර ආපු මම ලියුම් කවරේ විවෘත කලා.
ලියුම් කවරේ ඇතුලේ තිබුනේ එදා අම්මයි මමයි රාත්රී ආහාරය සදහා ගිය අවන්හලේ වෙනත් බිල් පතක්. ඒත් එක්කම අමුනා තිබුනු සටහනක මෙහෙම තිබුනා
පුතේ,
මම තව රාත්රී ආහාර වේලකට ආසන වෙන් කලා.ඒත් මට පුතා එක්ක එන්න ලැබෙයිද දන්නේ නෑ,ඒත් මම ආසන දෙකක් වෙන් කලා එකක් පුතාට අනික පුතාගේ බිරිදට. එදා මගේ පුතා එක්ක ගත කරපු කාලේ මට කොච්චර වටිනවද කියන්න මට වචන නෑ පුතේ,මගේ පුතාට මම ගොඩක් ආදරෙයි.
 

මට මොහොතේ වැටහුනා අපි ආදරේ කරන අය වෙනුවෙන් කාලය මිඩංගු කිරීමේ වැදගත් කම.
ජීවිතේ අපිට තියන වැගත්ම දේ තමා අපේ පවුල. අය වෙනුවෙන් අයට අවශ් මොහොතේ කාලය වැය කරන්න අපට නොහැකි උනොත් ජීවිත කාලයම වෙනුවෙන් පසු තැවෙන්න අපට සිදු වෙවි. විශේෂයෙන් ඔවුන් ගේ තරුණ සමය අප වෙනුවෙන් කැප කර දැන් ජීවිතයේ සැදෑ සමය තනිවම ගෙවන අපේ මවුපියන් වෙනුවෙන්

Tuesday, September 1, 2015

විපක්ෂනායක ඇමති තනතුරු සංඛ්‍යාව සහ වී ගොවියෝ




අද දවසේදි විපක්ෂ නායක කම ලබාදීම, ඇමති තනතුරු සංඛ්‍යාව පිලිබදව ගැටලුවක් ඇතිකරගෙන කතා කරමින් සහ තම තමන්ගේ මතයන් දක්වමින් සිටින සිවිල් සමාජය සහ බුද්ධිමත් ප්‍රජාව සහ සමාජ ක්‍රියාකාරිකයින්  විසින් බහුතරයක් ජනතාව විසින් මේ මොහොතේ මුහුනදී ඇති ගැටලුන් පිලිබදව  සාකච්ජා කිරීම මග හරිමින් සිටියි.

ඒ අනුව ඉදිරියේදි ඇතිවීමට නියමිත පාර්ලිමේන්තුව පිලිබදවත්, ඇමති මණ්ඩලය සහ ලබාදෙන අමාත්‍යංශයන් පිලිබදව සහ විපක්ෂ නායක කම පිලිබදව උපකල්පන හා ඕපාදුප ලියන මාධ්‍ය උදාහරණයක් ලෙස වී ගොවින් සෑම කන්නයකටම වරක් මුහුණදෙමින් සිටින පොදු ගැටලුවට ලබාදී තිබෙන්නේ ඉතාමත් අඩු අවධානයකි.

සෑම කන්නයකටම පෙර රැස්වී තිරණය කිරීමෙන් පසු වගාවන් කරන වී ගොවීන් අවසානයේදි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව රස්තියාදුවන අතර, පවතින තත්වයන් යටතේ වගා කීරීම තුලින් වී කිලොවක් නීශ්පාදනය කිරීමේ පිරිවැයද ඉතා අධික බැවින් ඔවුන්ගේ වියදම පියවා ගැනීම සහ තම සහ පවුලේ ජිවිත ඉදිරි කන්නය වෙනුවෙන් පවත්වාගෙන යෑමේ මිල ඔවුන් සමාජයෙන් ඉල්ලා සිටියි.ඒ වෙනුවට පැවති පාලනයන් සහ පවතින පාලනය (තවමත් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැත) චන්දයේදි පොරොන්දු ලබා දෙමින්ද අස්වැන්න ලබා ගන්නා කාලයේදි ඇතිවන පිඩනය අවම කරගැනීම සදහා මොනවා හෝ කරමින්ද පවතියි.

නැවත ඊලග කන්නය පැමිණෙන තුරු වී ගොඩවල්වලට කලයුතු දේ පිලිබදව වැඩසටහනක් නොමැතිව වී වලට රු 50 මිලක් සහතික කරමින් මිලදි ගන්නා වී ගබඩාතුල විනාශ විමට ඉඩ හැරීම මගින් ගොවින්ගේ ශ්‍රමයේ වටිනාකම සහ ජනතාවගේ බදු මුදල් ගුල්ලන්ට ආහාර සදහා සපයා ඇත.වී  රු 50 මිලදී ගැනීමෙන් හාල් කිලොවක් රු 100ක් පමණ වන අතර එමගින් නැවත සාමාන්‍ය ජනතාව පිඩාවට පත්වීම වැලැක්වීම සදහා ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් රු 60 සහල් ගෙන්වයි. මෙම ක්‍රියාදාමය තුලම මිලදිගත් වී විකිණිමට නොහැකි වීමෙන් නැවත නැවතත් ගැටලුව ඇතිවේ.

ගොවින්ගේ ජිවන තත්වයන් ඉහල නැංවීමටත්, නිශ්පාදන වියදම අඩුකිරීම, අස්වැන්න වැඩිකිරීම සහ ක්‍රමවත් ගබඩා හා විකිණිමේ යාන්ත්‍රණයක් ඇති කිරීම ආදී කරුණු පිලිබදව හැමදාමත් චන්ද වලදි සහ අයවැයේදි පවසමින් සහ එවා ක්‍රියාත්මක කිරීම සදහා විදිමත් යාන්ත්‍රණයක් සැදිමෙන් තොරව පාලකයන් ජනතාව රැවටීමට ලක්කරමින් සිටියි. එමෙන්ම මෙවන් ගැටලු පිලිබදව විසදුම් සහ යෝජනා ඉදිරිපත් කරමින් මහජන මතය ගොඩනැගීමටත් ඒ වෙනුවෙන් පාලකයින්ට බලපෑම් කිරීමත් වෙනුවට එදාවෙල වෙනුවෙන් ජාතික ලැයිස්තුව කතානායක විපක්ෂනායක ඇමති තනතුරු සංඛ්‍යාව හා ජාතික ආණ්ඩුව පිලිබදවද  මරාගෙන මැරෙමින්ද චන්දය ලබාගැනීම වෙනුවෙන් මෙවැනි ගැටලු මැතිවරණ කාලයේදි තොරොම්බල් කරමින්ද විපක්ෂය කාලය ගනිමින් සිටියි.  සමාජ ක්‍රියාකාරිකයින් සහ මැතිවරණ කාලයේ රෑ දවල් මුහුණු පොතේ කෑමොර දෙන පිරිස්ද මෙවැනි ගැටලු පිලිබදව වැඩි අවධානයක් යොමුකරන ආකාරයක් දක්නට නැත. එහෙත් වී අලෙවි කර ගැනීම සදහා ගොවින් දින ගනන් පාරේ රස්තියාදු වන ආකාරය අද සුලබ දසුනක්ය.

මෙම ගැටලුව වී සම්බන්ධව පමණක් නොව සියලු බෝග සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අතර අතර මැදියන් විසින් ගොවින්ගේ ශ්‍රමය කොල්ලකමින්ද පාලකයින් ජනතාවගේ බදු මුදල් මේ වෙනුවෙන් විනාශ කරමින්ද පවති.

යැපුම් සහ පවතින නොදියුණු කෘෂිකර්මය වෙනුවට ගොවින් අතර අනොන්‍ය සහයෝගය සහ සම්මුතිය මගින් විධිමත් අධ්‍යනයක් සමග තාක්ෂණය යොදවා සිදුකරනු ලබන වැඩි පලදාවක් සහ ආදායමක් අපෙක්ෂා කල හැකි වැඩපිලිවෙලක් සකස්කල යුතුව ඇත. මෙවැනි වෙනසකින් පමණක් කෘෂිකර්මාන්තයට නව ශ්‍රමය සහ තාක්ෂණය ලබා ගැනීමට හැකිවන අතර එමගින් ගොවින්ගේ ආකල්පමය  සහ ජිවන තත්වයේ වෙනසක් අපේක්ෂා කල හැකිය. ආරම්භයේ සිට අවසන් නිශ්පාදනය තෙක් අතරමැදියන් අතට යන කප්පම් අවම කිරිමක්වත් පවතින පාලනයන් තුලින් ඉල්ලා සිටිය යුතුය. මේ වෙනුවෙන් සමාජයතුල කතිකාවක් නිර්මාණය කිරීමත් එය තුලින් පවතින තත්වයන් වෙනුවට නව ක්‍රමවේදයක් සකස්කිරීමත් සදහා පාලකයන්ට බලපෑම් කල යුතුය.