Wednesday, September 9, 2015

වාරියපොළ අමල්කා, සෙල්වා සහ අපි


ඉහත සිදුවීමට අදාලව ඉහත සියලුම කණ්ඩායම් එකග වන්නේ පිඩකයාට එරෙහිව ප්‍රතිචාර දැක්විමට කිසිදු සිමා කිරීමක් නොමැති අයිතියක් පිඩිතයාට  ඇත යන්නටය.  එබැවින් නැවත නැවතත් පිඩිතයාව (අමල්කාව) පිඩාවට සහ අපහාසයට ලක්කරන සමාජය පිලිබදව විවේචනයක්ද ඉදිරිපත් කරයි. 
සැබවින්ම මෙම සිවිල් කණ්ඩායම් පෙනි සිටිනුයේ  කුමක් වෙනුවෙන්ද?

ඔවුන් සැබැවින්ම සියලුම පිඩිතයින්ට තම පිඩනයට එරෙහිව සංවිධානත්කව හෝ අසංවිධානත්මකව දක්වන සියලුම ක්‍රියාවන්ට පක්ෂපාතිත්වය දක්වන්නේද, නැත සැබවින්ම එය එලෙස වන්නේනම් මොවුන් විසින් මෙම ගැටලුවේදි ක්‍රියා කල යුත්තේ සෙල්වාට විරුද්ධව කරනු ලබන ක්‍රියාවන්ට දෙනු ලබන ප්‍රසිද්ධිය තරමටම කාන්තා හිංසනය සහ සමාජයේ සැබැ පිඩිතයා කවුරුන්ද යන්න පැහැදිලිව සමාජයට අවබෝධකර දීම සදහාය.

සැබවින්ම මෙම සමාජ ක්‍රමයම පවත්නනේ එකිනකාට පිඩාවට පත්කරමිනි. පාසලේදි ශිෂ්‍යයන්ට දඩුවම් කරන ගුරුවරියක් පාසලේදි පිඩකයෙකි ඇයම නැවතත් පාරේදි වෙනත් පාර්ශවයකින් පිඩනයට ලක්වී පිඩිතයෙක් වේ. එබැවින් අප මව්පියන්, ගුරුවරුන් විසින් දරුවන්ට පහරදීමට විරුද්ධවී ඔවුනට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීම මගින් සමාජය තුල ඇති පිඩනය අහෝසි කල හැකිද?

අප විසින් අධ්‍යනය කල යුත්තේ මෙවැනි ක්‍රියාවන් සිදුවන්නේ ඇයි යන්න පිලිබදවය. අප සමාජය තුල කතිකාව ඇතිකල යුත්තේ වැරද්ද සිදුකරන ලද්දේ අමල්කාද, සෙල්වාද ජායාරූප ශිල්පියාද යන්න පිලිබදව නොව සමාජයක් ලෙස මෙවැනි කරුණු මතුවන්නේ ඇයි යන්න සහ ඒ සම්බන්ධව සමාජය දැනුවත් කල යුත්තේ කෙසේද යන්න පිලිබදවය.

අමල්කාට එරෙහිව සෙල්වා කරන ලද ක්‍රියාව සුලු දෙයක් ලෙස සැලකීම හෝ ඔහුට දැඩි දඩුවම් ලබාදීම නිර්දේශ කරන මිනිසුන් විසින් සෙල්වා මෙලෙස හැසිරෙන්නේ ඇයිද යන්න පිලිබදව ප්‍රශ්න නොකරයි. සෙල්වාට බස් නැවතුම්පලක නිකරුණේ කාලය ගත කිරිමටත් දහවල් සිට බිමත්ව සිටිමටත් සිදුවී ඇත්තේ ඇයි?. ඔහුගේ ශ්‍රමය ඵලදායි ලෙස සමාජ සංවර්ධනයට යොදා ගැනීමට බැරිවී තිබෙන්නෙත්, ඔහුට විධිමත් අධපනයක් ලැබි නැත්තේත් සෙල්වාගේම වරදකින්ද, සෙල්වා මෙන්ම සමාජය තුල ජිවත්වෙන බොහෝ දෙනාට තමා ලග සිටින අනෙකා දෙස සහෝදරත්වයෙන් බැලිමට නොහැකි වී ඇත්තේ ඇයි? සෙල්වාට දඩුවම් කිරීම මගින් ඔහුව පුනුරුත්තාපනය කල හැකි පද්ධතියක් අපට තිබෙනවාද? තමන් මෙන්ම පිඩිතයකුට එරෙහිව කරනලද ක්‍රියාවක් හේතුවෙන් සහ පවතින නීතීය ඉදිරියේ තමන් වෙනුවෙන් පෙනිසිට නිදහස් වීම වෙනුවෙන් මුදල් වියදම් කිරීමට නොහැකි බැවින් වරද පිලිගත් සෙල්වා තව මාස 6ට පසු බන්ධනාගාරයෙන් නිදහස්වන විට බරපතල ගණයේ අපරාධකරුවකු වීමට මේ සමාජ ක්‍රමයතුලම ඉඩක් තිබෙන බව අප අමතක කරමින් සිටි. එබැවින් අමල්කා වෙනුවෙන් පෙනි සිටින සිවිල් සංවිධාන සෙල්වා පුනුරුත්තාපනය කිරීම විධිමත් කිරිම පිලිබදවද හඩ නැගිය යුතුව ඇත.  එමෙන්ම සෙල්වාට දඩුවම් කිරීම මගින් මෙය විසදෙන්නේ නැත.

 සියලුුම සමාජ පිඩනයන් සහ නිති රිති මගින් ඇතිකර තිබෙන සීමාවන් අහෝසිකරන ලද  අප අනෙකාට ගරු කරන සමාජයක් නිර්මාණය කල යුතුව ඇත. එවැනි සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සියලුම පිඩිතයන් එකතු කිරීමකින් තොරව එක් පිඩිතයකුට විරුද්ධව තවත් පිඩිතයකු පවතින පිඩනයේ යන්ත්‍රණය මගින් දඩුවම් කිරිමෙන් ගැටලුව විසදෙන්නේ නැත.

දැන් ඔබ සියලු දෙනා එක්වි එවැනි සමාජයක් හදනකම් අප මොකද කරන්න ඕන යන්න මගෙන් විමසන්නේ නැතුව අප එවැනි සමාජයක් හදන්නේ කොහෝමද යන්න ඔබෙන්ම විමසාගන්න.


No comments:

Post a Comment