Tuesday, September 1, 2015

විපක්ෂනායක ඇමති තනතුරු සංඛ්‍යාව සහ වී ගොවියෝ




අද දවසේදි විපක්ෂ නායක කම ලබාදීම, ඇමති තනතුරු සංඛ්‍යාව පිලිබදව ගැටලුවක් ඇතිකරගෙන කතා කරමින් සහ තම තමන්ගේ මතයන් දක්වමින් සිටින සිවිල් සමාජය සහ බුද්ධිමත් ප්‍රජාව සහ සමාජ ක්‍රියාකාරිකයින්  විසින් බහුතරයක් ජනතාව විසින් මේ මොහොතේ මුහුනදී ඇති ගැටලුන් පිලිබදව  සාකච්ජා කිරීම මග හරිමින් සිටියි.

ඒ අනුව ඉදිරියේදි ඇතිවීමට නියමිත පාර්ලිමේන්තුව පිලිබදවත්, ඇමති මණ්ඩලය සහ ලබාදෙන අමාත්‍යංශයන් පිලිබදව සහ විපක්ෂ නායක කම පිලිබදව උපකල්පන හා ඕපාදුප ලියන මාධ්‍ය උදාහරණයක් ලෙස වී ගොවින් සෑම කන්නයකටම වරක් මුහුණදෙමින් සිටින පොදු ගැටලුවට ලබාදී තිබෙන්නේ ඉතාමත් අඩු අවධානයකි.

සෑම කන්නයකටම පෙර රැස්වී තිරණය කිරීමෙන් පසු වගාවන් කරන වී ගොවීන් අවසානයේදි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව රස්තියාදුවන අතර, පවතින තත්වයන් යටතේ වගා කීරීම තුලින් වී කිලොවක් නීශ්පාදනය කිරීමේ පිරිවැයද ඉතා අධික බැවින් ඔවුන්ගේ වියදම පියවා ගැනීම සහ තම සහ පවුලේ ජිවිත ඉදිරි කන්නය වෙනුවෙන් පවත්වාගෙන යෑමේ මිල ඔවුන් සමාජයෙන් ඉල්ලා සිටියි.ඒ වෙනුවට පැවති පාලනයන් සහ පවතින පාලනය (තවමත් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැත) චන්දයේදි පොරොන්දු ලබා දෙමින්ද අස්වැන්න ලබා ගන්නා කාලයේදි ඇතිවන පිඩනය අවම කරගැනීම සදහා මොනවා හෝ කරමින්ද පවතියි.

නැවත ඊලග කන්නය පැමිණෙන තුරු වී ගොඩවල්වලට කලයුතු දේ පිලිබදව වැඩසටහනක් නොමැතිව වී වලට රු 50 මිලක් සහතික කරමින් මිලදි ගන්නා වී ගබඩාතුල විනාශ විමට ඉඩ හැරීම මගින් ගොවින්ගේ ශ්‍රමයේ වටිනාකම සහ ජනතාවගේ බදු මුදල් ගුල්ලන්ට ආහාර සදහා සපයා ඇත.වී  රු 50 මිලදී ගැනීමෙන් හාල් කිලොවක් රු 100ක් පමණ වන අතර එමගින් නැවත සාමාන්‍ය ජනතාව පිඩාවට පත්වීම වැලැක්වීම සදහා ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් රු 60 සහල් ගෙන්වයි. මෙම ක්‍රියාදාමය තුලම මිලදිගත් වී විකිණිමට නොහැකි වීමෙන් නැවත නැවතත් ගැටලුව ඇතිවේ.

ගොවින්ගේ ජිවන තත්වයන් ඉහල නැංවීමටත්, නිශ්පාදන වියදම අඩුකිරීම, අස්වැන්න වැඩිකිරීම සහ ක්‍රමවත් ගබඩා හා විකිණිමේ යාන්ත්‍රණයක් ඇති කිරීම ආදී කරුණු පිලිබදව හැමදාමත් චන්ද වලදි සහ අයවැයේදි පවසමින් සහ එවා ක්‍රියාත්මක කිරීම සදහා විදිමත් යාන්ත්‍රණයක් සැදිමෙන් තොරව පාලකයන් ජනතාව රැවටීමට ලක්කරමින් සිටියි. එමෙන්ම මෙවන් ගැටලු පිලිබදව විසදුම් සහ යෝජනා ඉදිරිපත් කරමින් මහජන මතය ගොඩනැගීමටත් ඒ වෙනුවෙන් පාලකයින්ට බලපෑම් කිරීමත් වෙනුවට එදාවෙල වෙනුවෙන් ජාතික ලැයිස්තුව කතානායක විපක්ෂනායක ඇමති තනතුරු සංඛ්‍යාව හා ජාතික ආණ්ඩුව පිලිබදවද  මරාගෙන මැරෙමින්ද චන්දය ලබාගැනීම වෙනුවෙන් මෙවැනි ගැටලු මැතිවරණ කාලයේදි තොරොම්බල් කරමින්ද විපක්ෂය කාලය ගනිමින් සිටියි.  සමාජ ක්‍රියාකාරිකයින් සහ මැතිවරණ කාලයේ රෑ දවල් මුහුණු පොතේ කෑමොර දෙන පිරිස්ද මෙවැනි ගැටලු පිලිබදව වැඩි අවධානයක් යොමුකරන ආකාරයක් දක්නට නැත. එහෙත් වී අලෙවි කර ගැනීම සදහා ගොවින් දින ගනන් පාරේ රස්තියාදු වන ආකාරය අද සුලබ දසුනක්ය.

මෙම ගැටලුව වී සම්බන්ධව පමණක් නොව සියලු බෝග සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අතර අතර මැදියන් විසින් ගොවින්ගේ ශ්‍රමය කොල්ලකමින්ද පාලකයින් ජනතාවගේ බදු මුදල් මේ වෙනුවෙන් විනාශ කරමින්ද පවති.

යැපුම් සහ පවතින නොදියුණු කෘෂිකර්මය වෙනුවට ගොවින් අතර අනොන්‍ය සහයෝගය සහ සම්මුතිය මගින් විධිමත් අධ්‍යනයක් සමග තාක්ෂණය යොදවා සිදුකරනු ලබන වැඩි පලදාවක් සහ ආදායමක් අපෙක්ෂා කල හැකි වැඩපිලිවෙලක් සකස්කල යුතුව ඇත. මෙවැනි වෙනසකින් පමණක් කෘෂිකර්මාන්තයට නව ශ්‍රමය සහ තාක්ෂණය ලබා ගැනීමට හැකිවන අතර එමගින් ගොවින්ගේ ආකල්පමය  සහ ජිවන තත්වයේ වෙනසක් අපේක්ෂා කල හැකිය. ආරම්භයේ සිට අවසන් නිශ්පාදනය තෙක් අතරමැදියන් අතට යන කප්පම් අවම කිරිමක්වත් පවතින පාලනයන් තුලින් ඉල්ලා සිටිය යුතුය. මේ වෙනුවෙන් සමාජයතුල කතිකාවක් නිර්මාණය කිරීමත් එය තුලින් පවතින තත්වයන් වෙනුවට නව ක්‍රමවේදයක් සකස්කිරීමත් සදහා පාලකයන්ට බලපෑම් කල යුතුය. 

2 comments:

  1. වෙලඳපොලම ඉලක්ක කරගන්නේ නැතිව කොටස් වලට බෙදාගෙන තමන්ටත් බෙදාහදා ගැනීමටත් කොටස් වෙන් කරගනිමින් වගාව කිරීමත් හොඳ පිලියමක් වෙයි.

    ReplyDelete
  2. කෘෂිකර්මාන්තයේදි වෙළදපොළ ඉලක්කකර ගන්න වෙනව. තමන්ට සහ බෙදාගැනීමට (භාණ්ඩ හුවමාරුව) කියන සංකල්පය දියුණුවෙලා තමයි අද තියෙන වෙළදපොළ හැදිල තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ ඉන්දියාවේ ඉදල ලංකාවට නැවේ ගෙනල්ල වෙළදපොළට රු 50 - 60ට හාල් එනකොට ලංකාවේ වී වල මිලම 50ක් වෙන්නේ ඇයි කියන එකයි.
    නිශ්පාදන වියදම අඩුකිරීම. අක්කරයකින් ලබා ගන්න අස්වැන් වැඩිකිරීම, සහ වෙනත් විකල්ප වගාවන් වලට මාරුවීම වගේ දෙවල් කරන්න පුලුවන් ඒ ඒ ප්‍රදේශ අනුව. තව ආසන්න කුඹුරු හිමියන්ට එකතුවෙලා ඉඩමේ ප්‍රමාණය විශාලකර ගැනීමෙන් ශ්‍රමය, පොහොර සහ වෙනත් වියදම් අඩු කරන්න පුලුවන්

    ReplyDelete